දරුවන්ගේ මානසික සහ ශාරීරික සෞඛ්‍යය ආරක්ෂා කිරීමේ අරමුණින්, ඔස්ට්‍රේලියානු රජය සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවක් නීතිගත කිරීමට සැලසුම් කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීස් ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාවකදී පැවසූයේ, “මට දරුවන් තාක්ෂණික උපකරණවලින් ඉවත්ව, සෙල්ලම් පිට්ටනිවල සහ පිහිනුම් තටාගවල නිදහසේ කාලය ගත කරන ආකාරය දැකීමට ආසයි යනුවෙනි”. ඔහු තවදුරටත් පවසා සිටියේ, “දරුවන්ට සමාජ මාධ්‍යයෙන් ඉවත්ව සැබෑ අත්දැකීම් ලබාගත යුතු බවත්, සමාජ මාධ්‍යයට මිනිසුන්ට කරන හානිය ගැන අපි සැලකිලිමත් විය යුතු බවත්ය”.
මෙම පසුබැසීම මත, 2024 අවසන් වන විට, ඔස්ට්‍රේලියාව දරුවන්ට සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන්ම තහනම් කරන ලොව පළමු රට බවට පත් විය හැකිය. තහනම් වයස් සීමාව අවුරුදු 14ත් 16ත් අතර පැනවීමට අපේක්ශා කරන අතර, සමාජ මාධ්‍ය යෙදුම් භාවිතා කරන දරුවන්ගේ වයස සම්පූර්ණයෙන්ම තහවුරු කළ හැකි නවීන තාක්ෂණයක් දැනටමත් පරීක්ෂණ යටතේ නිර්මානය කෙරෙමින් පවතී.
ඔස්ට්‍රේලියානු රජය, මෙම ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 6.5ක් වැය කරමින් සිටින අතර, සමාජ මාධ්‍ය ගිණුම් සාදන විට භාවිතා කරන්නේ විවිධ තාක්ෂණික ක්‍රමවේදවලින් වයස තහවුරු කිරීමයි. මෙම ක්‍රමවේදය ජීවමිතික තොරතුරු, ඊමේල් සහ ස්මාර්ට්ෆෝන් තහවුරු කිරීම් ඇතුළුව විවිධ මාර්ග වලින් දරුවන්ගේ වයස තහවුරු කිරීම සඳහා යොදා ගනු ලබනවා. මෙම ක්‍රමය අධික ආරක්ෂාවකින් යුක්තව ඇති අතර, වීපීඑන් (VPN) වැනි පරිසරයන් ඔස්සේ එය ව්‍යාජව පාවිච්චි කිරීම අසීරු වනු ඇත.
පසුගිය 2023 ඔක්තෝබර් මාසයෙන් පසුව ඔස්ට්‍රේලියාවේ පාසැල් වලදී ස්මාර්ට්ෆෝන් භාවිතයද තහනම් කර ඇති අතර, ජනතාව මේ තහනමට ඉතා යහපත් ප්‍රතිචාර ලබා දී ඇත. 2024 අගෝස්තු මාසයේදී පවත්වන ලද සමාජ සමීක්ෂණයකට අනුව, ඔස්ට්‍රේලියානුවන් 61% ක් දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සහතික කළ යුතු බව විශ්වාස කරති.
ආර්ථික අතින් මෙන්ම අන්තර්ජාල භාවිතයෙහි ඉහළින් පසුවන රටවල් අතර, ඔස්ට්‍රේලියාව ප්රමුඛයි. 2023 සැප්තැම්බර් මාසයේ සිඩ්නි විශ්වවිද්‍යාලය මඟින් සිදුකළ සමාජ සමීක්ෂණයකට අනුව, අවුරුදු 12ත් 17ත් අතර දරුවන් තුනෙන් දෙදෙනෙක් සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යන බව තහවුරු වී තිබේ.
happy to hear , it is very important decision .